Monday, September 14, 2009

සම්බුදු පියාණන් වහන්සේගේ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ

සිය පින් සිරින් සරු
දෙතිස් ලකුණින් විසි තුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝ ගුරු

යනුවෙන් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්යය ආරම්භයේ දී බුදුගුණ වැනූ පරිදි ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්රී ශරීරයෙහි උපතින් පිහිටි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳ ව විමර්ශනයක් කිරීම මෙම ලිපියෙහි අරමුණ යි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෙන් පසු සුදොවුන් රජ මැඳුරට සපැමිණි අසිත තවුසා සිදුහත් කුමරුගේ දේහ ලක්ෂණ බලා ඒකාන්තයෙන් ම බුදු වන බව දැන කුමරුට වැන්දේ ය.

එමෙන් ම බෝසතාණන් වහන්සේ ඉපදී සත් දිනකින් නම් තබන දිනයේ දී රජමැදුරට සපැමිණි සිව් වේදයෙහි පරතෙරට පත් බමුණන් එකසිය අටදෙනෙකුගෙන් එකසිය හත් දෙනෙකු ම එම අංග ලක්ෂණ බලා “මෙකුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ කෙනෙකු වන බවත්, ගිහි සැප අත්හැර දමා පැවිදි වුවහොත් ලොව්තුරා බුදු කෙනෙකු වන බවත් “ පැවසූහ. ඔවුනතුරෙන් වයසින් බාල ම කොණ්ඩඤ්ඤ නමැති තවුසා කුමරුගේ නළලෙහි දක්නට ලැබුණු ඌර්ණ රෝම ධාතුව දැක” මෙකුමරු ඒකාන්තයෙන් ම රජ මැඳුර අත්හැර දමා ගොස් පැවිදි ව බුදු වන්නේ ය”යි ස්ථිර ව ම ප්රකාශ කෙළේ ය. එසේ කීමට හේතුව නම් වෛදික ග්රන්ථවලට අනුව මෙම මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නේ බුදු වන බෝසතාණන් වහන්සේ කෙනෙකුගේ සිරුරෙහි ය. නැතිනම් සක්විති රජ කෙනෙකුගේ සිරුරෙහිය.

දීඝ නිකායෙහි ලක්ඛණ සූත්රයෙහි විස්තර කෙරෙන පරිදි බුදු සිරුරෙහි එම උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වූයේ උන්වහන්සේ පෙර සංසාරයෙහි කරන ලද අපරිමිත පින් බලයෙනි. එහි දැක්වෙන පරිදි ඒවා එකිනෙක මෙහි දී කෙටියෙන් පැහැදිලි කෙරේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයෙහි දිනක් භික්ෂූන් වහන්සේලා අමතා “සක්විති රජ වන්නා වූ හෝ බුද්ධත්වයට පත් වන්නා වූ හෝ මහා පුරුෂයන්ගේ සිරුරෙහි පිහිටන මහා පුරුෂ ලක්ෂණ මේ මේ ය”යි දේශනා කළහ. බාහිර තාපස නිකායවලට අයත් මහා ඍෂිවරයන් ඒ මහා පුරුෂ ලක්ෂණ බලා ඒවා සිරුරෙහි පිහිටා ඇති තැනැත්තා මෙබඳු කෙනෙක් වන්නේ ය’යි ච්මට සමර්ථ අංග ලක්ෂණ විද්යාව නම් වූ ශාස්ත්රය ඉගෙන ගෙන ඇතත් එම ලක්ෂණ සිරුරෙහි උපතින් ම පහළ වීමට හේතුව ඔවුන් නො දනිති’යි ප්රකාශ කොට ඒ ඒ මහා පුරුෂ ලක්ෂණ පහළ වීමට හේතු වූ කරුණුත්, ඒවාට අදාළ අතීත කර්මත්, ඒවා පහළ වූ උතුමන්ට ලැබෙන කුශල කර්ම විපාකත් පහත දැක්වෙන පරිදි වෙන් වෙන් වශයෙන් මැනවින් දේශනා කොට වදාළහ.

1. සුප්පතිට්ඨිතපාදතා
“සුපිහිටි පා ඇති බව “ තථාගතයන් වහන්සේගේ ශ්රීපාදවල පිහිටා ඇති මහා පුරුෂ ලක්ෂණයකි. මෙබඳු ලක්ෂණයක් ලැබීමට උන්වහන්සේ පෙර කළ කුශල කර්මය නම් කයින්, වචනයෙන් හා සිතින් සුචරිතයන්හි හා දාන ශීලාදී දශ කුශලයන්හි යෙදීම ද, දෙමව්පිය, සිල්වතුන්, ගුණවතුන්, කුලදෙටු ආදි වැඩිහිටියනට කළයුතු සත්කාර උපස්ථාන ආදියෙහි යෙදීම හා සෙසු බුදු බව ලැබීමට සුදුසු කුශල ක්රියාවන්හි යෙදීම ද වේ.

එසේ පෙර තමන් සුචරිත ක්රියාවන්හි යෙදීමෙන් ලැබූ පළපුරුදු හේතුවෙන් එකල සුචරිත ක්රියාවන්හි යෙදුණ අයුරින්ම මේ ආත්මයේ දී ද කය, වචන, සිත යන තිදොරින් ම එබඳු පින්කම්හි යෙදෙති. පෙර සසර පුරුද්දට අනුව මේ කාලයේ ද දාන ශීලාදි සුචරිතයන්හි යෙදීම, මහණ, බමුණු, කුලදෙටු , වැඩිහිටි ආදි ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුදු බව ලැබීමට සුදුසු පින්කම්හි යෙදීම, බුදු බව ලැබීමෙන් පසුත් පුරුද්දට අනුව කරති. එය පෙර ජාතිවල කළ කුශල කර්මයට සමාන ව ඇති වූ පුරුද්දයි. පෙර එබඳු උසස් පින්කම් කළ බවට සාක්ෂ්ය වශයෙන් උන්වහන්සේගේ සිරිපතුල් පොළොවෙහි මනාකොට පිහිටන බව නම් වූ “සුප්පතිට්ඨිතපාදතා “ නමැති ලක්ෂණය ඇති විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාකයක් වශයෙන් අනුන් විසින් මැඩලිය නො හැකි උතුමෙක් වූ සේක.එය එම සුචරිත කර්ම විපාකය යි.

2 හෙට්ඨානි පාදතලෙසු චක්කානි ජාතානි
බුදුරජාණන් වහන්සේගේ ශ්රී පාදයෙහි යටිපතුල්වල චක්ර ලක්ෂණ පිහිටා ඇත. “චක්කවරංකිතරත්තසුපාදො “ යනුවෙන් යසෝධරා දේවිය සිය රහල් පුතණුවන්හට පැවසූ නරසීහ ගාථාවන්හි සඳහන් වන්නේ එම කරුණයි. මේ ලක්ෂණ ලැබීමට පෙර කරණ ලද කුශල කර්ම නම් බොහෝ දෙනාට හිත සැප පිණිස ක්රියා කිරිම, අන්යයන්ගේ බිය තැතිගැනීම් දුරු කිරීම, දැහැමි ආරක්ෂා සංවිධාන ඇති කිරිම, පිරිවර සහිත ව දන් දීම ද වේ. පෙර කරණ ලද කුශල කර්මවල පුරුද්දට අනුව බුද්ධත්වයට පත්වීමෙන් පසුත් එබඳු සුචරිත කර්ම කිරීමට හා අනුන් ලවා කරවීමට කැමති වෙති. පෙර ජාතිවල එම සුචරිත ධර්මයන්හි යෙදුණ බවට ලකුණක් වශයෙන් චක්ර ලක්ෂණය පහළ විය. එබඳු සුචරිත ධර්මයන්හි යෙදීමේ කුශල විපාක වශයෙන් මහපිරිස් ඇතිවූහ. යමෙක් සසර දී තමනුත් දන් දී අනුන් ලවාත් දන් දේ නම්, හෙතෙම උපනූපන් ආත්මවල දී භවභෝග සම්පත් හා යස පිරිවර සම්පත් ද ලබයි. යමෙක් තමන් තනිව ම දන් දෙයි නම්, අනුන් ලවා දන් නො දේ නම් හෙතෙම භවභෝග සම්පත් කොතෙකුත් ලබන්නේ නමුත් යස පිරිවර සම්පත් කිසිවක් නො ලබයි.

3. දීඝංගුලිතා

4. ආයතපණ්හිතා

5. බ්රහ්මුජ්ජුගත්තතා
දිග ඇඟිලි ඇති බව ද, දිග විලුඹ ඇති බව ද, කෙළින් පිහිටි ශරීර ඇති බව ද යන මේ ලක්ෂණත්රය පහළ වූයේ පෙර ජාතිවල ප්රාණවධයෙන් හා සත්ව හිංසාවෙන් ද තොර ව සියලු සත්වයන්ට හිතානුකම්පී ව විසීම නිසා ය. බුදුදහම පිළිපදින බෞද්ධයෙකුගේ ලක්ෂණය බොහෝ සූත්රවල සඳහන් වන්නේ “සබ්බපාණභූතහිතානුකම්පී විහරති” යනුවෙනි. බුද්ධත්වයට පත්වූ පසුත් සසර පුරුදු පරිදි ඒ සමාන කර්ම කිරීමට හා කරවීමට රුචි විය. එහි විපාක වශයෙන් දීර්ඝායුෂ ඇත්තේ ද , සතුරන් විසින් නො නැසිය හැක්කේ ද වේ. මෙහි ‘බ්රහ්ම’ ශබ්දය යෙදී ඇත්තේ ශ්රේෂ්ඨාර්ථයෙහි ය.

6.සත්තුස්සදතා
තථාගතයන් වහන්සේගේ පිටිපතුල් දෙකත්, පිටිඅතුල් දෙකත්, උරහිස් දෙකත්, කරත් යන මේ සත් තැන මාංශ බහුල ව පිරි තිබිණ, එයට හේතුව වශයෙන් ලක්ඛණ සූත්රයෙහි දක්වා ඇත්තේ පෙර ජාතිවල මිහිරි දේ දන්දීම ය. එම කුශල කර්මයෙහි පුරුද්ද නිසා බුද්ධත්වයෙන් පසුත් මිහිරි දේ දන් දීමට කැමති වූහ. එහි කුශල විපාක වශයෙන් ප්රණීත වූ ද, මිහිරි වූ ද ආහාරපාන ලැබිණ. තුන් සිත පහදවා ගෙන දන්දීම නිසා මනුෂ්ය සම්පත්තිය ද, දිව්ය සම්පත්තිය ද, නිවන් සම්පත්ති ය ද යන ත්රිවර්ග සම්පත්තිය ම ලැබෙන බව බුදුහු වදාළහ. එමෙන් ම

දන්දීම ආයුෂ වැඩෙන ආයු සංවත්තනික කුශල කර්මයක් ලෙස ද බුදුදහමෙහි ඉගැන්වේ.

7. මුදු තලුණ හත්ථපාදතා 8. ජාලහත්ථපාදතා
පෙර ජාතීන්හි දානය, පි්රයවචනය, අර්ථචරියාව, සමානාත්මතාව යන සතර සංග්රහ වස්තූවෙන් මහජනතාවට සංග්රහ කිරීම නිසා මෘදු වූ තරුණ රතු පැහැති අතුල් පතුල් ඇති බව හා දැල් කවුළුවකට සමාන අත් පා ඇති බව යන ලක්ෂණ පහළ විය. බුදු වුණු ආත්මයේත් එබඳු කුශල කර්ම කිරීමට සිත් විය. එම කුශල කර්ම විපාක වශයෙන් දෙවි මිනිසුන් සහිත ලෝවැසියාගෙන් මැනවින් සංග්රහ ලබන මහ පිරිස් ඇත්තෙක් වූහ.

9. උස්සංඛපාදතා

10. උද්ධග්ගලොමතා
පෙර ආත්මභාව වල දී බොහෝ දෙනාට අර්ථ ධර්ම නිශි්රත වචනයෙන් කථා කරණ නිසා පිරුණු ගොප් මසැති පා ඇති බව හා උඩුකුරු අග් ඇති රෝම ඇති බව යන ලක්ෂණ ඇති විය. එහි කුශල කර්ම විපාක වශයෙන් ගිහි වූයේ නම් කාමභෝගීන් අතර ශ්රේෂ්ඨ වේ. පැවිදි වූයේ නම් සියල්ලන්ටම ශ්රේෂ්ඨ වේ.

11. එණිජංඝතා
පෙර ආත්මභාවයන්හි දී මහජනතාවට ශිල්ප ශාස්ත්ර උගන්වා සුසිරිතෙහි යොදාලීම නිසා ඕලු මුවන්ගේ මෙන් කෙණ්ඩා ඇති යන ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ගිහියනට අවශ්ය උපභෝග පරිභෝග වස්තූන් ද පැවිදි වූයේ නම් පැවිද්දනට අවශ්ය එබඳු වස්තූන් ද ලැබේ. තමන් විසින් සිදු කරනු ලබන ක්රියාවට අනුරූප වූ විපාක ලැබෙන බව බුදුහු පෙන්වා දුන්හ. ‘යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං’ යනුවෙන් වපුරණ බිජයට අනුරූප ව ම තමාට අස්වැන්න නෙලා ගත හැකි බව බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇත්තේ එබැවිනි.

12. සුඛුමච්ඡවිතා
පෙර ජාතිවල දී මානය දුරු කොට මහණ බමුණන් වෙත පැමිණ හොඳ නරක විචාරීම නිසා කුණු නො ගෑවෙන සියුම් සිවිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ගිහි වුවහොත් අන්ය කාමභෝගීන්ට වඩා මහ නුවණැත්තෙක් වේ. පැවිදි වුවහොත් මහා ප්රාඥයෙක් වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ අසම වූ නුවණැති වූ සේක. මානය යනු මැනීම යි. සෙය්යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් මානය තෙවැදෑරුම් වේ. අසවලාට වඩා මම උසස් යයි මැනීම සෙය්යමානය යි. අසවලා හා මම සමාන ය යි මැනීම සදිසමානය යි. අසවලා තරම් මම උසස් නැතැ යි මැනීම හීනමානය යි. මේ ත්රිවිධ මානය ප්රහීණ වන්නේ අර්හත් මාර්ග ඵල ලැබීමෙනි.

13. සුවණ්ණවණ්ණතා
බුදු සිරුරෙහි රන්වන් පැහැයක් ඇති බව යි. වක්කලී තෙරුන් බුදුරදුන්ගේ රන්වන් සිරුර දෙස බලා සතුටුවීමේ අදහසින් පැවිදි වී බණ භාවනාදියෙහි නො යෙදී උන්වහන්සේ දෙස ම බලා සිටිමින් කාලය ගත කරණ අයුරු දැක, අපෙහි වක්කලී, කිං තෙ ඉමිනා දුග්ගන්ධෙන පූතිකායෙන’ යනුවෙන් වක්කලී, මෙතැනින් ඉවත් ව යන්න, මේ දුර්ගන්ධ වූ කුණු සිරුරෙන් ඔබට ඇති ප්රයෝජනය කුමක් ද? යනුවෙන් බුදුරදුන් පවසා ඇත. එවිට උන්වහන්සේ එතැනින් ඉවත් ව ගොස් බුදුරදුන්ගේ උපදෙසින් සම්යක් ඥානය ලැබ බවුන් වඩා රහත් බව ලැබූහ. පෙර ජාතීන්හි නො කිපෙනසුලු ව අන්යයන් පරුෂ වචනයෙන් බැණ වදින කල්හි ද අසතුටක් වත් පහළ නො කිරීම ද සුවපහසුව ලබා දෙන බුමුතුරුණු ආදිය දන්දීම ද නිසා රන්වන් සිවි ඇති ලක්ෂණය පහළ විය. එහි විපාක වශයෙන් සුවපහසුව ගෙණ දෙන ඇතිරිලි පොරෝනා වස්ත්රාදිය ලැබිණ. ආහාර පානාදිය දන්දීමෙන් කායික මානසික ශක්තිය ලැබේ. ආලෝකය ලබා දීමෙන් ප්රඥාව ලැබේ. යාන වාහනාදිය දීමෙන් සැප ලැබේ. වස්ත්රාදිය දන් දීමෙන් වර්ණය ලැබේ. යමෙක් ගෙවල් දොරවල් ආදිය පරිත්යාග කරයි නම් හෙතෙම සියල්ල ම දුන් තැනැත්තෙක් වේ.

14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගි ව ඈත් ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය. එහි කුශල විපාක වශයෙන් ප්රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්රයන් හෝ බුද්ධඝෝෂ නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්යයන් ඇතිවේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ් දක්නට ලැබේ. මෙම ලක්ෂණය සහ පහුතජිව්හතා යන ලක්ෂණ දෙකහැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකිවන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.

15. නිග්රෝධපරිමණ්ඩලතා

16. ආජානුලම්බීහත්ථතා
පෙර ජාතිවල දී මහජනතාවට සංග්රහ කිරීමෙහි යෙදෙමින් සුදුස්සා සුදුසු තැන තැබීම හා ඔහුට සුදුසු දේ පරිත්යාග කිරීම නිසා නුග ගසක් සේ පරිමණ්ඩල වූ සිරුරු ඇති ලක්ෂණ ඇතිවිය. එනම් උසට සරිලන මහතත්, මහතට සරිලන උසත් යන ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය ඇතිවිය. එමෙන් ම සිට ගෙණ නො නැමී දෙදණ පිරිමැදිය හැකි වූහ. එහි විපාක වශයෙන් ගිහි වූයේ නම් ආඪ්ය වූ මහත් ධනයෙන් යුක්ත වීම හා පැවිදි වූයේ නම් සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ශ්රැත , ත්යාග, ප්රඥා යන සප්තාර්ය ධනයෙන් යුක්ත කෙනෙක් වේ.

17. සීහපුබ්බද්ධකායතා

18. චිතංසාරාසතා

19. සමවත්තක්ඛන්ධතා
පෙර ජාතිවල අන්යයන් ගුණයෙන් හා ධනයෙන් වැඩෙනු කැමති වීමත්, ඉවසීමත් නිසා සිංහයකුගේ පූර්වාර්ධ කය මෙන් සම්පූර්ණ වූ මුළු සිරුර ඇති බව, පිට දෑලවර මැද පිරුණු බව, සම වූ වට වූ මනා ගි්රවය ඇති බව යන ලක්ෂණය පහළ විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් ගිහියෙකු නම් නො පිරිහෙන සම්පත් ඇති මහරජෙක් වේ. පැවිද්දෙකු නම් නොපිරිහෙන ගුණ සම්පත් ඇත්තෙක් වේ.

20 රසග්ගසග්ගිතා
තලැටක් පමණ සුළු ආහාරයක් වුවද දිවග තැබූ කෙණහි ම මුළු ශරීරය පුරා ඕජාව පැතිර යනු හැකි වන සේ උඩු අක් ඇති ව ගෙලෙහි පිහිටි හත් සියයක් රස නහර ඇති බව යන මේ ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල දී කැට කැබිලිති ආදියෙන්වත් සත්ව හිංසා නො කිරීම නිසා ය. එහි කුශල විපාක වශයෙන් පෙර ජාතිවල පුරුදු පරිදි සත්ව හිංසා නොකිරීමත්, නොකරවීමත්, නිරෝගී බවත් ඇතිවිය. යමෙකු සත්වයින්ට තාඩන පීඩන හිංසාදිය කෙරේ නම් හෙතෙම උපනුපන් ජාතිවල දී විවිධ රෝගාබාධයන්ට ලක් වන බව චුල්ලකම්මවිභංග සූත්රයෙහි සඳහන් වේ.

21. අභිනීලනෙත්තතා

22. ගොපඛුමතා
දියබෙරලිය මලක් මෙන් ඉතා නිල් වූ ද, රන්වන් රතු සුදු කළු පැහැ වුවමනා කල්හි ඒ ඒ පැහැයන් ඇති පිරිසුදු පස් පෑ දිස්නා ඇස් ඇති බව, උපන් කෙණෙහි වස්සෙකුගේ බඳු ඉතා ප්රසන්න ඇස් ගුලි ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල ද්වේෂයෙන් අනුන් පෙළීම් රවා බැලීම් නොකොට, සෘජු සිතින්, පි්රය ඇසින් බලති. එම කුශල කර්ම විපාකය වශයෙන් බොහෝ දෙනාට පි්රයමනාප වූහ. දකින්නවුන්ගේ නෙත් සිත් ඇද ගන්නා මනා රූ සපුවකින් යුක්ත වූහ. දහම් ඇසීමෙහි ලොල් වූ බොහෝ දෙනෙකු උන්වහන්සේ දෙස ඇසිපිල්ලන් නො ගසා බොහෝ වේලාවක් බලා සිටියේ ඒ මනා රූ සපුව නිසයි. එම සම්පත් උන්වහන්සේ ලැබුවේ පෙර කරන ලද පින් බලයෙනි.

23. උණ්හීසසීසතා
නළල් පටින් වෙලන ලද්දක් වැනි වූ පිරුණු නළල සහිත සම්පූර්ණ හිස ඇති බව මේ ලක්ෂණය ඇති වූයේ අතීත ජාතිවල පුරෝගාමී ව සුචරිත ක්රියාවල යෙදීමත් තමාගේ මෙහෙයීමෙන් මහජනයා යහමඟ හැසිරවීමත් නිසා ය. පෙර පුරුද්දට අනුව යම් ආත්මයේ දී ද එසේ පුරෝගාමී ව සුචරිතයෙහි යෙදීමට හා යෙදවීමටත් කැමැත්ත ඇතිවේ. එහි විපාක වශයෙන් බොහෝ අනුගාමිකයෝ ඇති වූහ. එසේ ඇති වූ සැරියුත් මුගලන් පරම්පරානුයාත සුපිළිපන් මහසඟරුවන ගණනින් මෙපමණ යයි පමණ කළ නොහැකි ය.

24. එකෙකලොමතා

25. උණ්ණා භමුකන්තරෙ ජාතා -
එක එක රෝම කූපයෙහි එකක් එකක් ම රෝම ඇති බව, නළල මැද දෙබැම අතර දකුණට කැරකී පිහිටි රිදී බුබුලක් සේ දිලිසෙන රෝමයක් ඇති බව යන ලක්ෂණය ඇති වූයේ පෙර ජාතිවල අසත්යයෙන් වැළකී සත්ය වචනය ම කීම නිසා ය. මේ ආත්මයෙහි ද සත්යය කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් තමා අනුව යන මහ පිරිස් ඇත්තෙක් වූහ.

26. සමචත්තාළීසදන්තතා -

27. අවිවරදන්තතා -
සමසතළිස් දත් ඇති බව විවර රහිත ව එකකට එකක් සම්බන්ධ දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ කේලාම් කීමෙන් වැළකී භේද වූවන් සමඟි කරණ වචන කීම නිසා ය. දැනුදු එසේම කේලාම් නො කීමට හා බිඳුනවුන් සමගි කිරීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල කර්ම විපාකය වශයෙන් කිසිවකු විසිනුත් බිඳිය නො හැකි මහ පිරිසක් ඇති වූහ.

28. පහුතජිව්හතා

29. බ්රහ්මස්සරතා
පෙර ජාතිවල පරුෂ වචනයෙන් වැළකී පි්රය මනාප වචන කීම නිසා මෘදු වූ දිග පළලැති දිව ඇති බව ද, බ්රහ්මයාගේ මෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්මස්වර ඇති බව ද යන ලක්ෂණ ඇති විය. මේ ආත්ම භාවයෙහි ද පෙර පුරුද්දට අනුව එසේ පරුෂ වචනයෙන් වැළකී පි්රය වචන කීමට හා කියවීමටත් කැමැත්ත ඇති විය. එම කුශල කර්ම විපාකය වශයෙන් ඉවත නො දැමිය යුතු අර්ථවත් වචන ඇත්තෙක් වූහ. බුදුරදුන්ගේ වචන දෙකක් නැත. උන්වහන්සේ කිියන ආකාරයෙන් ම කරන, කරන ආකාරයෙන් ම කියන යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත වූහ. එමෙන්ම උන්වහන්සේගේ වචන ද නිෂ්ඵල නො වීය. බුද්ධවචනය නිසා මහජනතාවගේ දෙලොව ම සාර්ථක වීය. බුද්ධ වචනය, සම්බන්ධයෙන් සඳහන් කරන තැන්වල ‘සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං’ යනුවෙන් සඳහන් වන්නේ එබැවිනි. බුදුරදුන්ගේ කටහඬ විස්තර කරන පාලි අටුවාව ‘විස්සට්ඨ මඤ්ජු විඤෙඤය්යා සවණීයා බින්දු ගම්භීර නින්නාදී කරවීකභාණී’ යනුවෙන් අෂ්ටාංග සමුපේත බ්රහ්ම ස්වරයෙන් යුක්ත බව සඳහන් කර තිබේ. ඉතා පැහැදිලි වූ ද, ඉතා මිහිරි වූ ද, අවබෝධ කර දෙන්නා වූ ද, ඇසීමට සුදුසු වූ ද, නොපැටලෙන්නා වූ ද, ගැඹූරු වූ ද, දෝංකාරය දෙන්නා වූ ද, කුරවි කෙවිල්ලන්ගේ කටහඬට බඳු ඉතා සුමිහිරි කටහඬක් බුදුරදුන්ට ඇති බව මෙයින් පැවසේ. එවැනි බුදුවදන් ශ්රාවකයන්ගේ කන්වලට අමා මිහිරක් ම ගෙන දෙන්නේ ය. උන්වහන්සේගෙන් ධර්මය ශ්රවණය කරන්නවුන් එම කටහඬින් වශී කරවීම පුදුමයක් නොවන්නේ ය.

30. සීහහනුත
පෙර ජාතිවල සම්ඵප්රලාප කථාවෙන් තොර ව අර්ථ ධර්ම නිශි්රත වචන කීම නිසා සිංහයකුගේ යටි හනුව මෙන් පිරිපුන් උඩු යටි දෙහණු ඇති බව යන ලක්ෂණය පහළ විය. පෙර පුරුදු පරිදි මේ ආත්ම භාවයේ ද අර්ථ ධර්ම නිශි්රත වචන කීම හා අනුන් ලවා කියවීමටත් කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සතුරන් විසින් විනාශ කළ නොහැකි කෙනෙක් වූහ.

31. සමදන්තතා

32. සුසුක්කදාඨතා
සම දත් ඇති බව, දිලිසෙන ඉතා සුදු දත් ඇති බව යන ලක්ෂණ පහළ වූයේ පෙර ජාතිවල මිථ්යා ජීවිකාවෙන් තොර ව ජීවත් වූ නිසා ය. මේ ජාතියෙහි ද පෙර පුරුද්දට අනුව මිථ්යා ජීවිකාවෙන් තොර ව විසීමට කැමැත්ත ඇති විය. එහි කුශල විපාක වශයෙන් සුචරිතවත් පිරිවර ඇති විය. ඉහත සඳහන් කරන ලද මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත වූ ශාන්තිනායක අංගීරස සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

කොළඹ මාලිගාකන්දේ විද්යොදය පිරිවෙනේ ආචාර්ය, රාජකීය පණ්ඩිත,
මහාචාර්ය වෑගම පියරතන හිමි

බෞද්ධයින් බෞද්ධකම රැකගත යුතුයි..

අපේ රටේ වැඩි කොටසක් බෞද්ධයින් උනත්. ඒ අය තමන්ගේ ආගමේ මුලික හරයෙන් ඉවත්වී ඊට සම්පූර්නයෙන්ම විරුද්ද දේ කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා. බෞද්ධයෙකුගේ වගකීම පන්සිල් රැකීම යන දේත් අමතක කර දමමින් කටයුතු කරන අයටද අද අපිට බෞද්ධයෝ කියා කියන්න වන්නේ.

මෙහෙම බෞද්ධ පිරිසකගෙන් බිහිවන මීලග පරම්පරාවට අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මොකද ඉතින් තිසරනේ පිහිටයි කියන්න බෑනේ මේ බෞද්දයෝ වැඩිපුරම දුවන්නේ දේවාලටනේ. ඒක හරිම ලෙසි වැඩක්නේ පන්සිල් රකිනවාට වඩා. ඔනි ජරා වැඩක් කරලා ඇවිත් පාට පාට දෙවියෙක් ගාවට ගිහින් පොල් ගෙඩියක් ගැහුවහම ඔක්කොම ඉවරයි. අනික බුදු දහමේ තියෙන්නේ හැම දෙයක්ම තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් ලබාගත් යුතුයි කියන කාරනාවයි. ඒත් දෙවාලේ එහෙම එකක් නෑනේ. පලතුරු වට්ටියක් දුන්නානම් ඔක්කොම ඉවරයි. එතින් ඉතින් උප්පැන්නේට බෞද්ද වෙච්චි අයට මෙක හරි ලෙසි වැඩක්. මෙහෙම බෞද්දයින්ට නම් කොච්චර බණ කිවුවත් වැඩක් නෑ. ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.

01. ඕස්ට්රේලියවේ ඇබර්ජින්ස්ලා.
02. ඇමරිකාවේ රෙඩ් ඉන්දියන්ස්ලා.
03. ලංකාවේ සිංහලයෝ.

දැන් ඉතින් බණ කිය කියා ඉමු. දැන් බන අහන එකත් ස්ටයිල් එකක්නේ. කවුරු හරි කියනවා මම සතියෙන් සොවහන් කරනවා එන්න මගෙ ලගට, ඔන්න දුවනවා එතනට තව කෙනෙක් කියනවා එන්න මම සතියෙන් රහත් කරන්නම් ඉතින් දුවනවා ඉතනට. බලන්න කොච්චර බුද්දිමත්ද දැන් ඉන්න බෞද්දයෝ නෙද..? ඉතින් වදවෙන එක අහන්නත් දෙයක්ද.

ඉපදුන ගමන් ලමයට පොවනවා ම්වුකිරි වෙනුවට ගොන් කිරි, අකුරු කියවනවා අලි ඔලුවක් තියන පිලිමයක් ලග ඉතින් ලොකු වෙද්දී මෙයා ගොන් අලියෙක් වෙන එක නවත්තන්න බෑනෙ. මෙහෙම අයට ධර්මයේ වටිනාකමක් තියෙයිද..? ඉතින් මේ ලංකාවේ තව අවුරුදු 2500ක් බුදුදහම රැකිලා තියෙයිද. අපේ අය හිතන්නේ බුදුදහම රකින්න කියලා සමන් දෙවියන්ට බාර දුන්නා කියලානේ. ඉතින් මිනිසුන්ට බුදුද්දම රකින්න කිසිම උවමනාවක් නෑ.

රටක ජාතියක මිනිසුන් එම ආගම රකිනවා නම් ගරුකරනවා නම් එම ආගමට අනුවම කටයුතු කරනවා නම් අන්න ඒ ආගම අවුරුදු 20000ක් උනත් රැකෙනවා නොඅනුමානයි. එත් ඒ අය ඒ ආගම රැකීම නොපෙනෙන දෙවියකුට බාරදීලා ඇග බේරගන්න හදනවානම් ඒ ආගම අවුරුදු 2500ක් නෙමෙයි අවුරුදු 100ක්වත් පවතින්නේ නෑ. ඔන්න අපේ ජාතියට ආගමට උදාවෙන ඉරනම දැන් හිතාගන්න පුලුවන් නේද..? බෞද්ධ අපේ යුතුකම පන්සිල් රැකීම බවත් අමතක කර කටයුතු කරන අපේ බෞද්ධයන්ට නම් කාගේ සරණක්ද...?

By Sujee සුජී
(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts
(Blog) http://saveourbuddhism.blogspot.com/
(e-mail) saveourbuddhism@gmail.com

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්....

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට කොච්චර සැප සම්පත් තිබ්බත්, කොච්චර බල තල තිබ්බත්, කොච්චර දැන උගත්කම් තිබ්බත්, ඒ හැම කෙනෙක් ම ඒ දේවල් වලින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. තව තවත් මොන මොනවා ම හරි හොයනවා. තව තවත් මොන මොනවාට හෝ ආශා කරනවා. මේ හිත තණ්හාවට දාස වෙලා තිබෙන්නේ කියල බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි.

කොතරම් ඉහළට ඉගෙන ගත්ත උනත් සමාජයේ මොන මොන තැන්වල කටයුතු කළා උනත් ඒ හැම ජීවිතයකට ම අවසානයේදී අත් වෙන්නේ එක ම එක ඉරණම යි. ඒ හැම කෙනෙක්ට ම වසයට යන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. මරණයට පත් වෙන්න වෙනවා. තමන් සමාජයේ කොතරම් උසස් තැනක් හෙබවුවත් ඒ දේවල් උපයෝගීකරගෙන ඒ ඉරණමෙන් ගැලවෙන්න කාටවත් බෑ. ඒ නිසා ම ධර්මය තුළින් හිත සකස් කරගත්ත කෙනෙකුට ඇරෙන්න,ලෙඩ වීම ඉදිරියේ, වසයට යෑම ඉදිරියේ, මරණය ඉදිරියේ කම්පා නො වී ශෝක නො වී නො තැවී ඉන්න බැහැ. ඒක තමයි ඇත්ත. ඒක ම යි ඇත්ත..

ඉතින් ඒ නිසා සමාජ තත්ව, බල තල,දැන උගත් කම්,මුදල් හදල්, මේ එකක්වත් ජීවිත යථාර්ථයට සාපේක්ෂව අර්ථවත් දේවල් වෙන්නෙ නෑ. වසයට යෑම ඉදිරියේ ලෙඩ වීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශෝකය වැළපීම සුසුම් හෙලීම ඉදිරියේ ඒ හැම දෙයක් ම අර්ථ ශූන්ය දේවල්. හිස් දේවල්. ඒ නිසා මෙලොව දීවගේ ම පරලොව දී ත් ශ්‍රේෂ්ඨ වන්නේ සත්වයා ව ශෝක වැළපීම් දුක් දොම්නස් වලින් එතෙර කරවන බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය ම යි.

තෙරුවන් සරණයි!!!
- Dhamma Medicine
http://groups.google.com/group/dhammamedicine?hl=en

Singhala unicodes: http://www.siyabas.lk/sinhala_how_to_install.html

නිදිවරද්දී, නිදන්නෝ........

මාඝ සූත්‍රය - මාඝ දිව්‍ය පුත්‍රයාට වදාළ දෙසුම - 84 සැවැත් නුවර ජේතවනාරාමයේදී

එදා මාඝ දිව්‍ය පුත්‍රයා රැය පහන් වන වෙලාවේල මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා . ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් මාඝ දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

කුමක් නැති කළාමද සනීපෙට නින්ද යන්නෙ .කුමක් නැති කළාමද ශෝක නොකරන්නෙ .පින්වත් ගෞතමයන් වහන්සල කවර නම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වෙන්නෙ.

-භාග්‍යවතුන් වහන්සේ-
ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට නින්ද යන්නෙ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝකය නැතිවෙලා යන්නෙ. විස මුල් තියෙන -පළිගැනීම නම් වූ- මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ගැන ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඒ ක්‍රෝධය නසා දැමීමෙන්ම යි ශෝක නොකරන්නෙ.

-දේවතාවා -
නිදිවරද්දී, නිදන්නෝ කී දෙනෙක්ද? නිදද්දී, නිදිවරන්නෝ කී දෙනෙක්ද?

-භාග්‍යවතුන් වහන්සේ-
නිදිවරද්දී, නිදන්නෝ 5 දෙනෙකි.
නිදද්දී, නිදිවරන්නෝ 5 දෙනකි.
(එනම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් පස අවදිව ඇතිවිට, පංචනීවරණ යටපත්ව ඇත.
එලෙසම, පංචනීවරණ යටපත්ව ඇතිවිට ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් පස අවදිව ඇත.)

කතිජින්ද සූත්‍රය - සංයුක්ත නිකාය

සාදු! සාදු!! සාදු!!

සිවුරු ඇරල ගිහින්....!

සමහර අය කාලෙකදි හොඳට භාවනා කරගෙන යනව. කාලයක් ගතවෙද්දි ඒව ඉවරයි. ඒ ගැන අහපුවහම "....අපි අතෑරිය…."කියල කියනව. සමහරු සති තුනෙන් නිවන් දකිනව කියල මහණ වෙනව. ඊලඟ සතියෙ බලද්දි සිවුරු ඇරල ගිහින්....! දැන් මේ භාවනා වැඩසටහන් වලදිත් බොහෝ දෙනෙකුට කලකිරීමක් ඇති වෙනව. "....හප්පා මේ භයානක සංසාරෙන් නිදහස් වෙන්න තියෙනව නම්…." කියල. නමුත් හවස හතර වෙද්දි මල්ල ගන්නව. දුවනව ගෙදර. මේ කියා දුන්නු කිසිම දෙයක් කල්පනාවෙ නැහැ. ගෙදර ගියහම ඒව සම්පූර්ණයෙන්ම ඉවරයි. ආයෙමත් ඇලිල. අර මුලින් ඇති වුන කළකිරීම කොහෙන් ගියා ද කියල දන්නෙ නෑ. ආයෙමත් තමන්ට මොනව හරි සිත් තැවුලක්, කායික පීඩාවක් ඇති වුනාම නැවතත් කළකිරීම ඇති වෙනව. ඒව සමනය වෙලා ගියාම ඒ කළකිරීමත් ඉවරයි. ආයෙමත් ඇලෙනව. ඒ දේටම ආයෙමත් කළකිරෙනව. ඒකට ආයෙමත් ඇලෙනව. මේක හරියට අර තොටිල්ලෙ ඉන්න නොදරුවන්ගෙ කලකිරීම වගේ......

එහෙයින් අපිත්....
සසරේ බිය දකිමු
අප්රමාදී වෙමු
සීල - සමාධි - ප්රඥා වඩමු
යෝනිසෝමනසිකාරයේ යෙදෙමු
යථාභූත ඥාණය ඇති කරගමු
අවබෝධයෙන්ම කළකිරෙමු
නොඇල්ම ඇති කරගමු

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!

අතිපූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'හේතුවක් නිසා' ( උපනිස සූත්රය ) නම් ග්රන්ථය ඇසුරෙන්....

තෙරුවන් සරණයි!!!

- DhammaMedicine Google Group
http://groups.google.com/group/dhammamedicine?hl=en

පව් රැස් කරනා මිනිසා

ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

තේරුම:

පව් රැස් කරනා මිනිසා - මෙලොව ශෝක වෙයි එනිසා
පරලොවදිත් ශෝක වෙමින් - දෙලොව ම දුක් වෙයි එනිසා
තමා විසින් රැස් කරගත් - පව් ගැන සිහිපත් වෙන විට
ශෝක වෙවී දුක් විඳිමින් - තැවෙයි නිතර දුකින් යුතුව

පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේ දී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුණත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරු යි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවට ම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඔන. දුකට අකැමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින් ම දුරු කරදමන්න ඕන.

"ඕක ඉතින් පොඩි පවක් නෙ" කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කලයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරනකොට, ඒ පව් එකතුවෙලා අන්තිමේ දී ජීවිතය පව් වලින් ම පිරිලා යනව."
(ධම්ම පදය-121)

තෙරුවන් සරණයි!!!

Monday, June 1, 2009

බුදු දහමේ කිසිම යැදීමක් නැත...!


මොකක්ද මේ කියන්නේ කියලා හිතුවද...? හොදයි එහෙනම් හිතන්න කාරනයක් මේක. අපේ බුදු දහමේ කිසිම තැනක යැදීමක්, ඉල්ලීමක් ගැන කියලා නෑ. ස්ව උත්සහයෙන් සසරෙන් මිදීමක් ගැන පමනයි බුදු දහමේ සදහන් වන්නේ. ඒත් අපි නොදැනුවත්වම අපි අතින් මේ වැරද්ද සිදුවෙනවා.බුදු රජානන් වහන්සේ ලගින්ම අපි හිටියත් අපි මේ වැරද්ද හදාගන්න කන් නම් මේ සසරින් මිදෙන්න නම් බැරිවෙවි.

අපි නොදැනුවත්වම කරන එක වැරද්දක් තමයි දෙවියන්ගෙන් පිහිට, උපකාර, ආරක්ශාව පැතීම. මම මේ ගැන කලින් ලිපියක දිර්ගව සදහන් කරා ඒ නිසා අද මම ඒ ගැන කතාකරන්නේ නෑ. එම ලිපිය නොලැබුන කෙනෙක් ඉන්නවානම් මගෙන් ඉල්ලීමක් කරන්න මම ඒ හැම දෙනාටම එම ලිපිය ලැබෙන්න සලස්වන්නම්.

ඉතින් අපි අද අපිටම කරගන්නා ප්රාර්ථනාවක් ගැන කතාකරමු. බුදු රජානන් වහන්සේ එහෙම දෙයක් ගැනත් සදහන් කරලා නෑ. අපි අපිට ප්රාර්ථනා කිරීමෙන් කිසිදියුනුවක් ලබාගැනීමට බෑ. ඔයහැමෝම මෛත්රී භාවනව කරලා ඇතිනෙද..? කොහොද අපි ඒ භාවනාව කරේ කියලා මතකද..? මම නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. කියලා නෙද..? ඔතන පොඩි වැරද්දක් තියනවා කියලා අපිට පෙනුනේ නෑ.

නිකමට හිතලා බලන්න මම නිවන් දකිත්වා දකිත්වා කිය කියා අපි ප්රාර්ථනා කර්ගෙන නිකන්ම හිටියොත් අපිට නිවන්දකින්න පුලුවන් වෙයිද. ඒකයි බුදුරජානන් වහන්සේ දෙශනා කරේ තමන්ට තිබිය යුත්තේ උත්සහය සහ අදිශ්ඨානය කියලා. කෙනෙක් අදිශ්ඨානය කරනවනම් මම නිවන් දකිමි කියලා එයා උත්සහ ගන්නවා චතුරාර්ය සත්ය අවබොද කර ගන්න එමගින් සන්සාර ගමන නවත්වා ගන්න.

කෙනෙක් මම නිරොගි වෙත්වා වෙත්වා කිය කියා වැස්සේ තෙමුනොත් මොකද වෙන්නේ ඒකෙනාට හෙම්බිරිස්සාව හැදෙනවා. නමුත් මම නිරොගි වෙමි කියලා හිතන කෙනා අඩුමතරමේ වැස්සේ නොයන්නවත් කල්පනා කරනවා. මේ වගේ පුලුල් මනසකින් සිතීමේ හැකියාවක් අපිට තියෙන්න ඔනි. ඒකයි බුදුරජානන් වහන්සේ දෙශනා කරේ "පච්චත්තන් වෙදි තබ්බො විඤ්ඤු හී" නුවනැත්තන් විසින් මේ ධර්මය අවබොද කර ගනී කියලා.

මේ බුදු දහම තියෙන්නේ නුවනැත්තන්ටයි. එත අපි අද පටන් මෛත්රී භාවනාව කල යුත්තේ මම නිදුක් වෙමි, සුවපත් වෙමි, දුකින් මිදෙමි, නිවන් දකිමි කියලා එහෙම අදිශ්ඨාන කලාම අපිට එම අදිශ්ඨානය ඉටුකරගන්න උත්සහයක් වත් ගන්න හිතෙනවා. අපිට අපි වෙනුවෙන් අදිශ්ඨාන කලාට අපිට අනිත් අය වෙනුවෙන් අදිශ්ඨාන කරන්න බෑ. මම සුවපත් වෙමි නුබලා සුවපත් වෙහු කියන්න බෑනේ. ඒ නිසා අපි අනිත් අය වෙනුවෙන් ප්රාර්ථනා කරන්න ඔනේ. "මා මෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා, නීරොගිවෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා" කියලා. අපි මෛත්රී භාවනාව ගැන තවත් ලිපියකින් දීර්ඝව කතාකරමු.

එතෙක් අපි නොදැනුවත්වම අපි අතින් සිදුවු මේ වැරැද්ද අපි හදාගමු. හැමොම ගෙවන හැම මොහොතේම පින් දහම් රැස්කරගන්න කුසල් රැස්කරගන්න.හැමොටම කුසල් දහම් රැස්කරමින් වහ වහ චතුරාර්ය සත්ය අවබොදවී මේ සසර දුකින් මිදේවා කියලා ප්රාත්නා කරනවා.

සැමට තෙරුවන් සරණයි...!

Thursday, May 21, 2009

Wednesday, April 29, 2009

JHU Maha Sanga condemns UK role in Sri Lanka



Around 300 respected Buddhist monks including the Leader of the JHU Ven.Ellawala Medhananda Thero, JHU General Secretary Ven.Omalpe Sobitha Thero, JHU National Organizer Ven.Athuraliye Rathana Thero, JHU Central Committee Members including Ven.Thebuwana Piyananda Thero, Molamure Nandarama Thero, Hadigalle Wimalasara Thero, JSS Secretary Missaka Kamalasiri Thero, Dutuwawe Lankananda Thero, Former JHU Central Committee Member Ven.Galagodaaththe Gnanasara Thero , were participated and 500 lay persons including JHU Legal Adviser Constitutional Lawyer and Western Provincial council Member Udaya Gammanpila, JHU CC member, Former Senior DIG and Western Provincial council Member H.M.G.B Kotakedeniya, JHU media spokesman Nishantha Sri Warnasinghe participated in the JHU demonstration where the protesters also demanded that Britain pay compensation to Sri Lanka for the atrocities committed during their occupation from February 1796 to February 1948.

Monday, March 30, 2009

Friday, March 20, 2009

Stop Distoying Buddhism

Do not forget. but never think of taking revange......It's the Buddhism


Sunday, February 15, 2009

Obath Mansha bhakshakayekda?



Thank you Nilantha for the image

Monday, January 26, 2009

Buddhism in Sri Lanka

Buddhism in Sri Lanka is primarily of the Theravada school, and constitutes the religious faith of about 70% of the population According to traditional Sri Lankan chronicles (such as the Dipavamsa), Buddhism was introduced into Sri Lanka in the 2nd century BCE by Venerable Mahinda, the son of the Emperor Ashoka, during the reign of Sri Lanka's King Devanampiyatissa. During this time, a sapling of the Bodhi Tree was brought to Sri Lanka and the first monasteries were established under the sponsorship of the Sri Lankan king. The Pali Canon, having previously been preserved as an oral tradition, was first committed to writing in Sri Lanka around 30 BCE.

Sri Lanka has the longest continuous history of Buddhism of any Buddhist nation, with the Sangha having existed in a largely unbroken lineage since its introduction in the 2nd century. During periods of decline, the Sri Lankan monastic lineage was revived through contact with Myanmar and Thailand. Periods of Mahayana influence, as well as official neglect under colonial rule, created great challenges for Theravada Buddhist institutions in Sri Lanka, but repeated revivals and resurgences- most recently in the 19th century CE- have kept the Theravada tradition alive for over 2000 years.

Christian missionaries and colonialism
From the 16th century onward, Christian missionaries and Portuguese, Dutch and English colonizers of Sri Lanka have attempted to convert the local population to Christianity. In the late 19th century, a national Buddhist movement started, inspired by the American Buddhist Henry Steel Olcott, and empowered by the results of the Panadura debate between a Christian priest and the Buddhist monk Migettuwatte Gunananda Thera
Divisions in the Buddhist clergy
The different sects of the Sri Lankan Buddhist clergy are referred to as Nikayas, and three main Nikayas are:

* Siam Nikaya, founded in the 18th century by Ven. Upali, a Thai monk who was invited by the King of Kandy Kirti Sri Rajasinghe, and on the initiative of Ven. Weliwita Saranankara.
* Amarapura Nikaya, founded in 1800 with higher ordination obtained from Myanmar (Burma)
* Ramanna Nikaya, founded in 1864 by Ambagahawatte Saranankara.

Within these three main divisions there are numerous other divisions, some of which are caste based. There are no doctrinal differences among any of them.

Distribution of Buddhism in Sri Lanka. Based on 2001 census data except for districts with numbers given in italics; these are from 1981 census


Thanks goes to http://en.wikipedia.org

Tuesday, January 6, 2009

What are "Triple Gems"

Triple Gem is the collective term for the Buddha, Dharma and Sangha.
Buddha is a Sanskrit term which refers to the fully enlightened one who has awakened to universal truth, and who, with total wisdom and unreserved compassion, can help others to attain enlightenment.
In Sanskrit, the word dharma carries different meanings. In the present context, it refers to the teaching of the Buddha, which is compiled in the Tripitaka. Those who cultivate wisdom in accordance with the Dharma will undoubtedly realise the Truth and attain ultimate liberation.
The Sanskrit term Sangha means a harmonious community. Here, it refers specifically to the community of monks or nuns. Two characteristics of the Sangha are consensus on their principles and harmony in daily affairs. The former refers to their common objective in severing from defilement with a view to eventually attaining enlightenment. The latter refers to their common acceptance of the following six guidelines by which they abide to ensure collective discipline in their actions, words and thought :

1. To establish mutual understanding and reach unity of thought.
2. To establish a just system and attain equality for all.
3. To establish fair distribution and be in economic equilibrium.
4. To establish common interests and attain an open mind.
5. To establish peace and comradeship through cordial speech.
6. To establish harmonious interaction so that there is no infringement on personal liberty.

The Sangha is beneficial to the individual in that it facilitates moral training and spiritual cultivation. It is beneficial to others in that it upholds rightful Dharma and helps to liberate all beings.
To the Buddhist follower, the Buddha is like the saviour, Dharma the incredible medicine, and the Sangha the tutors. All three play important roles in the liberation of sentient beings, and none is dispensable. Just as the Buddha were the doctor, Dharma the prescribed medicine, and Sangha the nurse, a patient cannot fully recover in the absence of any one of them. The Buddha, Dharma and Sangha can help to liberate us from our daily afflictions.
Compared to the precious jewels of our material world, the Triple Gem can therefore be considered as the treasure of our spiritual existence. They are the gems that will guide us towards emancipation from the cycle of life and death.
Further explanations with reference to the analogy between the Buddha, Dharma and Sangha with the Triple Gem are depicted in the Sutras as follows :

  1. Rarity - just as worldly valuables are not acquired by the poor, those who have not accrued enough blessings through past karma do not have the fortune of encountering the Triple Gem.
  2. Purity - just as humans value the sparkling clarity of precious jewels, so the Triple Gem is also valued for its purity.
  3. Power - just as precious jewels have the power to remove negative elements, so the Triple Gem embraces the potential for the six transcendental powers.
  4. Adornment - just as precious jewels can be ornamental, the Triple Gem can dignify and purify the practitioners.
  5. Excellence - just as the precious jewels are ranked the best in worldly materials, the Triple Gem stands high above all things worldly.
  6. Integrity - just as precious stones are not subject to change even under the most drastic conditions, the Triple Gem remains unaffected by the eight worldly phenomena of gain, decline, destruction, fame, praise, scorn, suffering and joy.