Monday, September 14, 2009

සිවුරු ඇරල ගිහින්....!

සමහර අය කාලෙකදි හොඳට භාවනා කරගෙන යනව. කාලයක් ගතවෙද්දි ඒව ඉවරයි. ඒ ගැන අහපුවහම "....අපි අතෑරිය…."කියල කියනව. සමහරු සති තුනෙන් නිවන් දකිනව කියල මහණ වෙනව. ඊලඟ සතියෙ බලද්දි සිවුරු ඇරල ගිහින්....! දැන් මේ භාවනා වැඩසටහන් වලදිත් බොහෝ දෙනෙකුට කලකිරීමක් ඇති වෙනව. "....හප්පා මේ භයානක සංසාරෙන් නිදහස් වෙන්න තියෙනව නම්…." කියල. නමුත් හවස හතර වෙද්දි මල්ල ගන්නව. දුවනව ගෙදර. මේ කියා දුන්නු කිසිම දෙයක් කල්පනාවෙ නැහැ. ගෙදර ගියහම ඒව සම්පූර්ණයෙන්ම ඉවරයි. ආයෙමත් ඇලිල. අර මුලින් ඇති වුන කළකිරීම කොහෙන් ගියා ද කියල දන්නෙ නෑ. ආයෙමත් තමන්ට මොනව හරි සිත් තැවුලක්, කායික පීඩාවක් ඇති වුනාම නැවතත් කළකිරීම ඇති වෙනව. ඒව සමනය වෙලා ගියාම ඒ කළකිරීමත් ඉවරයි. ආයෙමත් ඇලෙනව. ඒ දේටම ආයෙමත් කළකිරෙනව. ඒකට ආයෙමත් ඇලෙනව. මේක හරියට අර තොටිල්ලෙ ඉන්න නොදරුවන්ගෙ කලකිරීම වගේ......

එහෙයින් අපිත්....
සසරේ බිය දකිමු
අප්රමාදී වෙමු
සීල - සමාධි - ප්රඥා වඩමු
යෝනිසෝමනසිකාරයේ යෙදෙමු
යථාභූත ඥාණය ඇති කරගමු
අවබෝධයෙන්ම කළකිරෙමු
නොඇල්ම ඇති කරගමු

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ වා!!!

අතිපූජ්ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'හේතුවක් නිසා' ( උපනිස සූත්රය ) නම් ග්රන්ථය ඇසුරෙන්....

තෙරුවන් සරණයි!!!

- DhammaMedicine Google Group
http://groups.google.com/group/dhammamedicine?hl=en