Monday, September 14, 2009

බෞද්ධයින් බෞද්ධකම රැකගත යුතුයි..

අපේ රටේ වැඩි කොටසක් බෞද්ධයින් උනත්. ඒ අය තමන්ගේ ආගමේ මුලික හරයෙන් ඉවත්වී ඊට සම්පූර්නයෙන්ම විරුද්ද දේ කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙනවා. බෞද්ධයෙකුගේ වගකීම පන්සිල් රැකීම යන දේත් අමතක කර දමමින් කටයුතු කරන අයටද අද අපිට බෞද්ධයෝ කියා කියන්න වන්නේ.

මෙහෙම බෞද්ධ පිරිසකගෙන් බිහිවන මීලග පරම්පරාවට අනේ ඉතින් දෙයියන්ගෙම පිහිටයි. මොකද ඉතින් තිසරනේ පිහිටයි කියන්න බෑනේ මේ බෞද්දයෝ වැඩිපුරම දුවන්නේ දේවාලටනේ. ඒක හරිම ලෙසි වැඩක්නේ පන්සිල් රකිනවාට වඩා. ඔනි ජරා වැඩක් කරලා ඇවිත් පාට පාට දෙවියෙක් ගාවට ගිහින් පොල් ගෙඩියක් ගැහුවහම ඔක්කොම ඉවරයි. අනික බුදු දහමේ තියෙන්නේ හැම දෙයක්ම තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් ලබාගත් යුතුයි කියන කාරනාවයි. ඒත් දෙවාලේ එහෙම එකක් නෑනේ. පලතුරු වට්ටියක් දුන්නානම් ඔක්කොම ඉවරයි. එතින් ඉතින් උප්පැන්නේට බෞද්ද වෙච්චි අයට මෙක හරි ලෙසි වැඩක්. මෙහෙම බෞද්දයින්ට නම් කොච්චර බණ කිවුවත් වැඩක් නෑ. ඔන්න දැන් ලොකයේ විද්වතුන් කියනවා ලොකයේ තුන්වන තැනට වදවෙන ජාතිය සිංහල ජාතිය කියලා.

01. ඕස්ට්රේලියවේ ඇබර්ජින්ස්ලා.
02. ඇමරිකාවේ රෙඩ් ඉන්දියන්ස්ලා.
03. ලංකාවේ සිංහලයෝ.

දැන් ඉතින් බණ කිය කියා ඉමු. දැන් බන අහන එකත් ස්ටයිල් එකක්නේ. කවුරු හරි කියනවා මම සතියෙන් සොවහන් කරනවා එන්න මගෙ ලගට, ඔන්න දුවනවා එතනට තව කෙනෙක් කියනවා එන්න මම සතියෙන් රහත් කරන්නම් ඉතින් දුවනවා ඉතනට. බලන්න කොච්චර බුද්දිමත්ද දැන් ඉන්න බෞද්දයෝ නෙද..? ඉතින් වදවෙන එක අහන්නත් දෙයක්ද.

ඉපදුන ගමන් ලමයට පොවනවා ම්වුකිරි වෙනුවට ගොන් කිරි, අකුරු කියවනවා අලි ඔලුවක් තියන පිලිමයක් ලග ඉතින් ලොකු වෙද්දී මෙයා ගොන් අලියෙක් වෙන එක නවත්තන්න බෑනෙ. මෙහෙම අයට ධර්මයේ වටිනාකමක් තියෙයිද..? ඉතින් මේ ලංකාවේ තව අවුරුදු 2500ක් බුදුදහම රැකිලා තියෙයිද. අපේ අය හිතන්නේ බුදුදහම රකින්න කියලා සමන් දෙවියන්ට බාර දුන්නා කියලානේ. ඉතින් මිනිසුන්ට බුදුද්දම රකින්න කිසිම උවමනාවක් නෑ.

රටක ජාතියක මිනිසුන් එම ආගම රකිනවා නම් ගරුකරනවා නම් එම ආගමට අනුවම කටයුතු කරනවා නම් අන්න ඒ ආගම අවුරුදු 20000ක් උනත් රැකෙනවා නොඅනුමානයි. එත් ඒ අය ඒ ආගම රැකීම නොපෙනෙන දෙවියකුට බාරදීලා ඇග බේරගන්න හදනවානම් ඒ ආගම අවුරුදු 2500ක් නෙමෙයි අවුරුදු 100ක්වත් පවතින්නේ නෑ. ඔන්න අපේ ජාතියට ආගමට උදාවෙන ඉරනම දැන් හිතාගන්න පුලුවන් නේද..? බෞද්ධ අපේ යුතුකම පන්සිල් රැකීම බවත් අමතක කර කටයුතු කරන අපේ බෞද්ධයන්ට නම් කාගේ සරණක්ද...?

By Sujee සුජී
(Group) http://www.facebook.com/sujeein2?ref=profile#/group.php?gid=69449637501&ref=ts
(Blog) http://saveourbuddhism.blogspot.com/
(e-mail) saveourbuddhism@gmail.com