Monday, September 14, 2009

නිදිවරද්දී, නිදන්නෝ........

මාඝ සූත්‍රය - මාඝ දිව්‍ය පුත්‍රයාට වදාළ දෙසුම - 84 සැවැත් නුවර ජේතවනාරාමයේදී

එදා මාඝ දිව්‍ය පුත්‍රයා රැය පහන් වන වෙලාවේල මුළු මහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවා . ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටගත් මාඝ දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පැවසුවා.

කුමක් නැති කළාමද සනීපෙට නින්ද යන්නෙ .කුමක් නැති කළාමද ශෝක නොකරන්නෙ .පින්වත් ගෞතමයන් වහන්සල කවර නම් එකම එක දෙයක් නැසීම ගැනද සතුටු වෙන්නෙ.

-භාග්‍යවතුන් වහන්සේ-
ක්‍රෝධය නැති කළාම තමයි සනීපෙට නින්ද යන්නෙ. ක්‍රෝධය නැති කළාම තමයි ශෝකය නැතිවෙලා යන්නෙ. විස මුල් තියෙන -පළිගැනීම නම් වූ- මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ගැන ආර්යන් වහන්සේලා ප්‍රශංසා කරනවා. ඒ ක්‍රෝධය නසා දැමීමෙන්ම යි ශෝක නොකරන්නෙ.

-දේවතාවා -
නිදිවරද්දී, නිදන්නෝ කී දෙනෙක්ද? නිදද්දී, නිදිවරන්නෝ කී දෙනෙක්ද?

-භාග්‍යවතුන් වහන්සේ-
නිදිවරද්දී, නිදන්නෝ 5 දෙනෙකි.
නිදද්දී, නිදිවරන්නෝ 5 දෙනකි.
(එනම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් පස අවදිව ඇතිවිට, පංචනීවරණ යටපත්ව ඇත.
එලෙසම, පංචනීවරණ යටපත්ව ඇතිවිට ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් පස අවදිව ඇත.)

කතිජින්ද සූත්‍රය - සංයුක්ත නිකාය

සාදු! සාදු!! සාදු!!